Saturday, December 31, 2011






Deepak Liyanage සහෝදරයා විසින් ඉදිරිපත් කරයි.....
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින් -1
ෆෙඩ්රික් එංගල්ස් කිව්වා, ඩාවින් ජීවීන්ගේ පරිනාමය පිළිබද නියාය සොයාගත්තා වගේම, මාර්ක්ස් මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික පරිනාමය පිළිබද නියාය හොයාගත්ත. පුළුල් අරුතකින් ගත්තාම අපට දහනම වෙනි ශතවර්ෂයේ මැද ඉඳලා අපේ කාලයට එනකම් දීර්ග කාලයක් ඔස්සේම ස්වාභාවවාදී චින්තන ධාරාවන් ගැන කතා කරන්න පුළුවන්. ස්වාභාවවාදී කියන එකෙන් අපි අදහස් කරන්නේ ස්වභාව ධර්මය සහ ඉන්ද්‍රිය සම්භන්දී ලෝකය හැර වෙන කිසි සත්තාවක් නැහැ කියන කරුණයි. මේ නිසා ස්වාභාවවාදියා, මිනිස් වර්ගයා ස්වභාව ධර්මයේ කොටසක් හැටියටත් ගන්නවා. ස්වාභාවවාදී විද්‍යාක්ඥයා ස්වභාව ධර්මයේ විද්‍යාමාන දේ පිළිගන්නේ. විඥානවාදී නිගමනවත් දෙවියන්ගේ දේව ප්‍රකාෂනවත් පිළිගන්නේ නැහැ. ඉතින් ඒක මාර්ක්ස්, ඩාවින් සහ ෆ්‍රොයිඩ්ටත් සම්පුර්ණයෙන්ම අදාලයි. දහනම වෙනි ශතවර්ෂයේ මැද භාගයේ ඉඳලාම තිබුණු ප්‍රධානම වචන නම් ස්වභාවධර්මය, පරිසරය, ඉතිහාසය, පරිණාමය සහ වර්ධනයයි. මිනිසුන්ගේ සංකල්ප විද්‍යාවන්, සමාජයේ පදනම වෙතින් නිර්මාණය වුනා කියල මාර්ක්ස් පෙන්වා දෙනකොට, මනුස්ය වර්ගයා මන්දගාමී පරිනමයක ප්‍රතිපලයක් කියල ඩාවින් පෙන්වා දුන්න. අසංඥ පිළිබද ෆ්‍රොයිඩ් ගේ අද්‍යයන වලින් හෙළිවුණා මිනිස් ක්‍රියාවන් බොහෝවිට මිනිසුන්ට ආවේනික පෙළඹීම් සහ අවේග නිසා ඇතිවන බව. සොක්‍රටීස් යුගයේ දාර්ශනිකයෝ ස්වභාව ධර්මයේ ක්‍රියාවලි ගැන විස්තර කරන්න ස්වභාවික කරුණු හෙව්වා. පුරාන දේව කතා ඇසුරින් කල විග්‍රහ ඒ දාර්ශනිකයින් විසින් ප්‍රතිෂේප කරන ලද අකාරයටම ඩාවින්ටත් සිදු වුනා, මිනිසාගේ සහ සතුන්ගේ නිර්මාණ පිළිබඳව පල්ලිය ඉදිරිපත් කල අදහස් වෙතින් ඈත් වෙන්න. ඩාවින් ජීව වි
ද්‍යාක්ඥයෙක් සහ ස්වභාව විද්‍යක්ඥයෙක්. එත් එය තමයි, ලෝක නිර්මාණයේ මිනිසාට ඇති තැන පිලිබඳ බයිබල් විග්‍රහය ඉතාමත්ම ප්‍රසිද්ධියේ අභියග කල මෑත භාගයේ විද්‍යාක්ඥයත්.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින් -2
චාර්ල්ස් ඩාවින්
උපන්නේ 1809 දී සෘෂ්බරි නම් කුඩා නගරයෙහි. ඔහුගේ තාත්තා දොස්තර රොබට් ඩාවින් ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දොස්තර කෙනෙක්. ඔහු පුතා හැදීම ගැන ඉතාමත් තද නීති දැම්මා. චාර්ල්ස් ඒ නගරයේ ව්‍යාකරණ පාසලේ ශිෂ්‍යයෙක්. ඔහුගේ ප්‍රධානාචාර්ය තුමා ඔහුව හැදින්වුයේ හැමතිස්සෙම රටපුරා දුවන, අනන් මනන් වැඩ කරන කිසිම පලක් ඇති වැඩක් නොකරන පිස්සු කොල්ලෙක් හැටියටයි. 'පලක් ඇති' කියා ඔහු හැදින්වුයේ ග්‍රීක් හා ලතින් ක්‍රියා පද කට පාඩම් කරන එකටයි. 'රට පුරා දුවන' කියල කිව්වේ වෙනත් කටයුතුත් අතර හැම ජාතියේම කුරුමිනියෝ එකතු කරන එකටයි. කීයක් ඔට්ටුද ප්‍රධානාචාර්ය තුමා ඒ කිව්ව වචන ගැන පසුතැවුණු වුනු බවට. චාර්ල්ස් පස්සේ කාලෙක දේවධර්මය හැදෑරුව කාලේදී ඔහු ඊට වැඩියෙන් හුඟක්ම උනන්දුවක් දැක්වුවේ කුරුල්ලෝ නිරීක්ෂණය කරන්නයි, කෘමීන් එකතු කරන්නයි. ඒ නිසා ඔහුට දේව ධර්මයට හොඳ ලකුණු හම්බවුනේ නැහැ. එහෙත් ඔහු පාසලේ ඉන්න කාලෙදිම ස්වභාව විද්‍යක්ඥයෙක් හැටියට නමක් දිනා ගත්තා, ප්‍රධාන වශයෙන්ම භූ විද්‍යාව ගැන ඔහුගේ උනන්දුව නිසා. ඒ කාලේ ඉතාම වියදම් සහිත විද්‍යාව ඒකයි. 1831 අප්‍රේල් මාසයේදී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලේ උපාධිය සමත් වූ වහාම ඔහු පාෂාණ නිර්මාණය අද්‍යනය කරන්නත් පාශානිභුත හොයන්නත් උතුරු වේල්ස් බලා ගියා. ඒ අවුරුද්දෙම අගෝස්තු මාසේ දී ඔහුට යාන්තම් අවුරුදු විසිදෙකක් වුනු තැනදී ඔහුට ලියුමක් ලැබුනා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන අන්දමේ. එක අවේ ඔහුගේ ගුරුතුමා සහ යාලුවා වූ ජෝන් ස්ටීවන් හෙන්ස්ලෝගෙන්. ඔහු ලිව්වා 'මගෙන් ඉල්ලා සිටියා, කපිතාන් ෆිට්ස්රෝයිගේ සහායකයෙකු ලෙස යාමට ස්වභාව විදයාක්ඥයකු නිර්දේශ කරන මෙන්. කපිතාන් ෆිට්ස්රෝයි, දකුණු ඇමෙරිකාවේ වෙරලබඩ පදෙසේ මැනුම් කටයුතු සඳහා රජය විසින් පත්කරන ලද පුද්ගලයි. එවැනි තනතුරක් බාර ගැනීමට කැමතියි මා දන්නා, ඉතාම සුදුසු කම් ඇති පුද්ගලයා ඔබයි කියා මම ප්‍රකාශ කළා. මුදල් පිලිබඳ කරුණු බැලුවොත් ඒ ගැන මටනම් කිසිම අදහසක් නැහැ. මේ ගමන අවුරුදු දෙකක් ගත වන්නකි. ඔහු ඒ අවස්තාව ලබාගන්න ඉතාමත් ආශා කළා. එත් ඒ දවස්වල තරුණ මහත්වරු තම දෙමව්පියන්ගේ කැමැත්ත නැතුව කිසිම දෙයක් කලේ නැහැ. හුඟාක් යාක්ඥා කරලා කරලා අන්තිමේදී තාත්තාගේ කැමැත්ත ගත්තා. පුතාගේ ගමනට වියදම් කලේ ඔහුයි. නාවික හමුදාවේ එච්. එම්. එස්. බීගල් තමයි නැව. එය 1831 දෙසැම්බර් 27 වෙනිදා ප්ලිමත් වරායෙන් පිටත් වුනා, දකුණු ඇමෙරිකාව බලා. ඒක 1836 ඔක්තෝබර් වනතුරු අපහු අවේ නැහැ. අවුරුදු දෙක පහ වුනා. දකුණු ඇමෙරිකාවට ගිය ගමන ලෝකය වටේ සංචාරයක් බවට පත්වුනා. ඔන්න දැන් අපි එනවා මෑත භාගයේදී කල ඉතාම වැදගත් සොයා ගැනීම් කල ලෝක සංචාරයට.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින් -03
ඔව්, ඩාවින් දකුණු ඇමෙරිකාවේ සිට පැසිෆික් සාගරය හරහා, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව වෙත ගියා. ඊට පස්සේ එංගලන්තයට ආපසු එන්න කලින් ආයේ දකුණු ඇමෙරිකාවට ගියා. බීගල් නැවේ චාරිකාව කිසිම සැකයක් නැතිව තමාගේ ජීවිතයේ ඉතාම වැදගත් සිද්ධිය යයි ඩාවින් කිව්වා. මුල් අවුරුදු වලදී බීගල් නැව දකුණු ඇමෙරිකාවේ වෙරල ඔස්සේ ඉහළටත් පහළටත් ගියා. මේ මහාද්වීපය ගැනත් රට ඇතුලත ගැනත් ඉතා හොඳ දැනීමක් ලබාගන්න මේකෙන් ඩාවින්ට විශාල අවස්ථාවක් ලැබුනා. දකුණු ඇමෙරිකාවේ බටහිර දෙසින් පැසිෆික් සාගරයේ ගලපාගෝ දුපත් වලට ඔහු බොහෝ වරක් ගියා. ඒ දුපත් ඉතා වැදගත්. මොකද විවිධ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එංගලන්තයට එවන්න ඩාවින් සමත් වුනා. එත් ස්වභාව ධර්මය හා පරිනාමය පිලිබඳ ඔහුගේ අදහස් හා සංකල්ප තමන්ටම තබා ගත්තා. වයස විසිහතේදී සියරටට එන විට ඔහුට පෙනුනා තමා විද්‍යක්ඥයකු ලෙස ඉතා ප්‍රසිද්ධියක් ලබා ඇති බව. ඒ අවස්තාව වනවිට පරිනාමවාදය ලෙස හද ගැසුණු අදහස් පිලිබඳව ඉතා පැහැදිලි චිත්‍රයක් ඔහුගේ හිතේ ඇදී තිබුනා. එහෙත් සියරටට පැමිණ බොහෝ කලක් යන තුරු තමාගේ ප්‍රධාන කෘතිය ප්‍රකාශයට පත් කලේ නැහැ. මොකද විද්‍යක්ඥයෙකුටම ගැලපෙන පරිධි ඉතා පරිස්සම් සහගත පුද්ගලයෙක්. ඩාවින් පලකල පොත්වලින් ඉතාම තියුණු වාද විවාද වලට හේතු වුනේ 1859 දී පල කල, වර්ගයන්ගේ ප්‍රභවය කියන පොතයි. මෙම පොතේ ඩාවින් ප්‍රධාන අදහස් හෝ නියායන් දෙකක් දක්වනවා, පලමුවනිව ජෛව විද්‍යාත්මක පරිනාමයට අනුව දැන් පවතින සියලුම ශාක හා සත්ව වර්ග, ඊට කලින් පැවැති වඩා ප්‍රථමික වර්ග වෙතින් පැවැත එනවා. දෙවැනිව, මේ පරිනාමය ස්වභාවික තේරීම යන්නෙහි ප්‍රතිපලයක්. අපි පරිනාමය කියන කරුණ ගැන මුලින් සලකා බලමු. මේ අදහස විතරක් ගත්තහම නං එක පෙනෙන තරම් අලුත්ම අදහසක් නොවෙයි. 1800 දී තරම් ඈත කාලයේදී සමහර අය අතරේ ජීව විද්‍යාත්මක පරිනාමය බොහෝ සෙයින් පිළිගැනෙන්න පටන් ගත්තා. මේ අදහස පලකල ප්‍රධානම පුද්ගලයා ප්‍රංශ සත්ව විද්යාකඥ ලැමාක්. ඊටත් කලින් ඩාවින් ගේම සීයාවූ ඉරාස්මස් ඩාවින්, ශාක හා සතුන් පරිණාමය වුයේ සමහර ප්‍රථමික විශේෂ කීපයක් වෙතින් විය හැකි යයි කිව්වා. එත් කවුරුවත් මේ පරිනාමය සිදුවුනේ කොහොමද කියලා පිළිගත හැකි විග්‍රහයක් කලේ නැහැ. ඒ නිසා පල්ලියේ අය මෙය ලොකු තර්ජනයක් ලෙස සැලකුවේ නැහැ.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින්-4
සියලුම ශාක සහ සත්ව වර්ග වල නිත්‍ය බව පිළිබඳව බයිබලයේ මතය ආගමික සහ එකල විද්‍යාත්මක අංශ විසින් ඉතා තරයේ පිළිගනු ලැබුවා. සත්ව ජීවිත වල සෑම ස්වරුපයක්ම වෙන්වෙන්ව නිට්ටාවටම වෙන් වෙලා තියෙනවා. ඊටත් ක්‍රිස්තියානි මතය ප්ලුටෝගේත් ඇරිස්ටෝටල්ගේත් ඉගැන්වීම් වලට සමාන වුනා. ප්ලුටෝගේ සංකල්පවාදයෙන් ගම්‍ය වුනා, සියලු සත්ව වර්ග නිත්‍ය බව. මොකද ඒවා හැදිලා තියෙන්නේ සදාකාලික සංකල්ප හෙවත් ස්වරූප අනුවයි. සත්ව වර්ග වල නිත්‍ය බව ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ ප්‍රධාන ඉගැන්වීමක්. එහෙත් ඩාවින්ගේ කාලයේදී මේ සම්ප්‍රදායක ඇදහිලි ප්‍රශ්නයට භාජනය කිරීමට හේතුවන සොයා ගැනීම් සහ නිරීක්ෂණ ඇතිවුනා. ඒ කොයි විධියේ නිරීක්ෂණ හා සොයාගනීම්ද කියනවා නම්, ඔන්න මුලින්ම පාෂාණි භූත දේවල් වැඩි වශයෙන් හාරගන්න යෙදුනා. වඳ වුනු සත්තුන්ගේ විශාල පාෂාණි භූත ඇටකටු හම්බ වුනා. මුහුදු ජීවීන්ගේ කොටස් රට තුල තිබී හමුවීමෙන් ඩාවින් විමතියට පත්වුනා. ඩාවින් එවැනි දේ සොයාගත්තේ දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳු වෙතින් ඒ කියන්නේ හුගාක් ඉහල මට්ටමකින්. ඉතින් මුහුදු ජීවියෙක් අන්දීස් කඳු වැටියේ කරන්නේ මොනවාද කියන එකට සමහරු හිතුවා ඒවා මිනිස්සු හෝ සත්තු විසිකරලා දමල වෙන්න ඇති කියලා. තව සමහරු හිතුවා දෙවියන් අදහන්නේ නැති පව්කාරයින් මුලා කරන අදහසින් දෙවියෝ මේ පාෂාණි භූත හා මුහුදු ජීවීන් නිර්මාණය කළා කියලා. ඒ උනාට වි
ද්‍යාක්ඥයෝ විස්වාස කලේ මොකක්ද, හුඟාක් විද්‍යාක්ඥයෝ ඉඳුරාම ප්‍රකාශ කළා විනාෂවාදයක්. ඒ කියන්නේ ඉතා විශාල ජලගැලමවල්, භුමිකම්පා සහ සියලුම ජීවීන් විනාශ කල වෙනත් ව්‍යසනවලට පෘථිවිය ගොදුරු වුනා කියන මතය. එහෙනම් පාෂාණි භූත කියන්නේ ඔය මහා ව්‍යසන වලින් වඳ වෙලා ගිය ඉස්සර ජීවිත ස්වරූප වල ලාංජනයයි. මේ පාෂාණි භූත බයිබලේ සඳහන් වෙන මහා ජල ගැල්ම සහ ඒ ජල ගැල්මේදී නෝවාගේ නැවට යාගන්න බැරිවුණු සතුන්ගේ ලාංජන කියලා සමහරු හිතුවා. එත් ඩාවින් බීගල් නැවට ගොඩවෙන කොට එයා ළඟ තිබුනා, ඉංග්‍රීසි ජාතික ජීව විද්‍යාක්ඥ සර් චාල්ස් ලයිල් ගේ ජීව විද්‍යා මුලධර්ම පොතේ පලවෙනි කාණ්ඩය. කඳු වැටි සහ සානු සහිත මේ පෘථිවිය යනු සිතිය නොහැකි තරම් දිග, ක්‍රමවත් පරිනාමයක ප්‍රතිපලයක් යයි ලයිල් කිව්වා. ගෙවී ගොස් ඇති කල්ප ගණනාව සලකා බලන විට ඉතාම සුළු වෙනස්කම් පවා ඉතා විශාල භූගර්භ පෙරලි වලට හේතු වෙන්න පුළුවන් බවයි ඔහු පෙන්නුවේ. එයා හිතුවේ මොන අන්දමේ වෙනස් වීම් ගැනද, එයා හිතුවේ අද පවතින බලවේග ගැනමයි. සුළඟ හා කාලගුණය, අයිස් දියවීම්, භුමි කම්පා, පොලෝ මට්ටම් ඉහල යාම් ආදිය, අපි අහල තියෙනවානේ වතුර බිංදුවකට කළුගලක් ගෙවා දමන්න පුළුවන් කියන කියමන. ඒ දරුණු බලයක් යොදලා නොවෙයි. නොකඩවා බින්දුව බැගින් පතිත වීමෙන් ඒ විධියට කාලාන්තරයක් තිස්සේ සිදුවන ඉතා සිඟිති හා ක්‍රමවත් වෙනස් වීම් මගින් ස්වභාව ධර්මයේ මුහුණුවර සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කියල ලයිල් විස්වාස කළා. ඒ වුනත් මේ මතයෙන් විතරක් විස්තර කරන්න බැරි වුනා ඩාවින්ට අන්දීස් කඳු වල තිබී සාගර ජීවීන්ගේ කොටස් හමුවුනේ කොහොමද කියලා. එහෙත් සෑහෙන කාලයක් ලැබුනම ඉතා කුඩා ක්‍රමවත් වෙනස් වීම් වලට ඉතා විශාල පරිවර්තන ඇති කරවන්න පුළුවන් කියලා ඩාවින් හැමතිස්සෙම මතක තියාගෙන හිටියා.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින්-5
එහෙත් සෑහෙන කාලයක් ලැබුනම ඉතා කුඩා ක්‍රමවත් වෙනස් වීම් වලට ඉතා විශාල පරිවර්තන ඇති කරවන්න පුළුවන් කියලා ඩාවින් හැමතිස්සෙම මතක තියාගෙන හිටියා. එම විග්‍රහයම සතුන්ගේ පරිනාමය ගැනත් යොදවන්න පුළුවන් කියලා එයා හිතුවා. ඩාවින් කියන්නේ පරිස්සම් සහිත කෙනෙක්. ප්‍රශ්න වලට උත්තර සැපයීමට තරම් බය සැක නැති වෙන්න බොහෝ කලකට පෙරදී ඔහු ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ අන්දමින් ඔහු සියලුම සැබෑ දාර්ශනිකයින්ගේ ක්‍රමයම අනුගමනය කළා. ප්‍රශ්න ඇසීම වැදගත්
, ඒ උනාට උත්තර සැපයීමට හදිස්සියක් නැහැ. ලයිල්ගේ නියායෙ තීරණාත්මක සාදකය උනේ පෘථිවියේ වයසයි. ඩාවින් ගේ කාලේ හැමදෙනෙක්ම විශ්වාස කලේ දෙවියන් ලෝකය නිර්මාණය කරලා අවුරුදු 6000 ක් විතර වෙනවා කියලයි. මේ ගණන හදා ගත්තේ, ආදම් සහ ඒව ගේ ඉඳලා පරම්පරාවල් ගණන් කිරීමෙනුයි. ඔව් යමක් උනායින් පසු මොලේ පාදෙන එක ලෙසිනේ, ඩාවින් පෘථිවියේ වයස කිව්වේ අවුරුදු 3000 යි කියලා. මොකද අඩු ගානේ එක දෙයක් පැහැදිලියි. ඉතාම දීර්ඝ කාලයක් ගැන විස්වාස කරන්නේ නැත්නම් ලයිල් ගේ ක්‍රමවත් භූ විද්යාත්මක පරිනාමයවත් ඩාවින්ගේ පරිනාමවාදයවත් පිළිගන්න බැරි වෙනවා. පෘථිවියට දැන් කොච්චර වයසද. අපි අද දන්නවා පෘථිවිය අවුරුදු බිලියන 4.6 ක් වයසයි කියලා. අපි මේ වෙනකම් බැලුවේ ජයිව විද්‍යාත්මක පරිනාමය ගැන ඩාවින් ඉදිරපත් කල තර්ක වලින් එකක් විතරයි. ඒ කියන්නේ පාෂාණ වල විවධ ස්තරවල තියෙන ස්ථරීකරණය වූ පාෂාණි භූතට්ටු ගැන. තවත් තර්කයක් නම් ජීවත් වන ජීවී වර්ග වල භූගෝල ව්‍යාප්තියයි. මෙන්න මේ ගැනයි ඩාවින්ගේ විද්‍යාත්මක සංචාරයේදී, අලුත් ඉතාම විස්තරාත්මක දත්තයන් ලැබුනේ. එකම ප්‍රදේශයේ ඉන්න තනි සත්ව ජාතියේ එක් එක් සත්වයෝ ඉතාම සුළු ලක්ෂණ අතින් එකිනෙකාගෙන් වෙනස් වනබව ඔහු තම දෑසින්ම දැක්කා. විශේෂයෙන්ම ඉක්වදෝර් රටට බටහිරින් පිහිටි ගලපාගෝ දුපත් වලදී ඔහු ඉතා සිත් ගන්න සුළු නිරීක්ෂණ වගයක් කළා. ගලපාගෝ දුපත් කියන්නේ ගිනිකඳු සහිත, එකිනෙකට කිට්ටුව පිහිටි දුපත් සමුහයක්. මේ නිසා එහි තිබෙන සත්ව සහ ශාක ජීවිතයේ ලොකු ලොකු වෙනස් කම් නැහැ. එහෙත් ඩාවින් සිත යොමු කලේ ඉතා කුඩා වෙනස් කම් ගැනයි. ඒ දුපත් ඔක්කොගෙම ඔහු දැක්ක විශාල කස්බාවෝ. ඒ ඒ දුපත්වල ඉන්න කස්බාවන් අතරේ සුළු වෙනස්කම් තිබුනා. ඉතින් ඒ එක් එක් දුපත සඳහා දෙවියෝ වෙන වෙනම කස්බාවෝ නිර්මාණය කලාද.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින්-6
ගලපාගෝ දුපත් වල කුරුළු ජීවිතය ගැන ඩාවින්ගේ සොයාගැනීම් මීටත් වඩා සිත් අද ගන්නවා. ගලපාගෝ ෆින්ච් කුරුල්ලෝ දුපතෙන් දුපතට පැහැදිලිවම වෙනස් වුනා. විශේෂයෙන්ම හොටයේ හැඩය අනුව. මේ වෙනස්කම්, ෆින්ච් කුරුල්ලෝ විවිධ දුපත් වලදී කෑම සොයාගත්තක්‍රමය සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධයි කියලා ඩාවින් පෙන්වා දුන්නා. ඉතා තියුණු ලෙස හොටවල් හැදුනු බිම් ෆින්ච් කුරුල්ලෝ ජීවත් වුනේ ප්‍රධාන වශයෙන් පයින් ගෙඩිවල ඇට කාලයි. සින්දු කියන පුංචි ෆින්ච් කුරුල්ලෝ කෘමීන් කාලයි ජීවත් වුනේ. ගස් ෆින්ච් කුරුල්ලෝ ගස්වල පොතු හා අතු අතරින් ඇදගත්ත වේයෝ කාලා ජීවත් වුනා. ඔය හැම වර්ගයටම තිබුනේ ඒ ඒ කුරුල්ලාට ආහාර සොයාගැනීමට විශිෂ්ට ලෙස හැඩ ගැහුණු හොටක්. ඉතින් මේ ෆින්ච් කොරුල්ලෝ එකම වර්ගයකින් පවත එන්න පුලුවන්ද, මේ ෆින්ච් කුරුල්ලෝ විවිධ දුපත් වල පරිසරයට ගැලපෙන විධියට හැඩගැසීම නිසා අලුත් ෆින්ච් වර්ග හටගෙන වෙන්න පුළුවන්. එයා පැමිණි නිගමනය එකයි. ඔව්, සමහරවිට ඩාවින් 'ඩාවින්වාදියෙක්' වුනේ එහෙදි වෙන්න ඇති. ඒ කියන්නේ ගලපාගෝ දුපත් වලදී. ඒ එක්කම ඔහු නිරීක්ෂණය කළා, ඔහු දකුණු ඇමෙරිකාවේදී දැක්ක බොහෝ සත්ව වර්ග, ගලපාගෝ දුපතේ සත්ව වර්ග වලට සමානකම් දැක්වූ බව, දෙවියෝ සේරම සත්ව වර්ග එකිනෙකට යන්තම් වෙනස් විධියට නිට්ටාවටම හරියටම නිර්මාණය කලාද, නැත්නම් පරිනාමයක් සිද්ධ වුනාද, ඔහු වැඩියෙන් සැක කරන්න පටන්ගත්ත ගත්තා, සේරම සත්ව විශේෂ නිත්‍යයි කියන එක, එහෙත් එවැනි පරිනාමයක් සිදුවුනේ කොහොමද කියන එක ගැන ඔහු වෙත තවම පිළිගත හැකි විග්‍රහයක් තිබුනේ නැහැ. එත්
පෘථිවියේ සියලු සත්වයෝම එකිනෙකාට සම්බන්ධයි කියල දක්වන්න තව එක සාදකයක් තිබුනා. ඒ මොකක්ද, ක්ශීරපායින්ගේ කළලය වැඩීම, බල්ලාගේ, වවුලගේ, හාවාගේ, හා මිනිසාගේ මුල්ම අවස්ථාවේ කළල සන්සන්ධනය කලහම ඒ සේරම කොයි තරම් සමානද කිව්වොත්, ඒවා එකිනෙකින් වෙනස් කරලා අඳුන ගන්න බැහැ. හුගාක් පසු කාලයක් එනකල් මිනිස් කලලයකුයි හාවෙකුගේ කලලයකුයි වෙන් කරලා අඳුන ගන්න බැහැ. ඒ කෙන් පෙන්නේ නැද්ද අපි දෙගොල්ලෝ බොහොම දුරින් නෑයෝ බවක්, එත් පරිනාමය සිද්ධ වුනු ආකාරය ගැන එයාට තවම විස්තර කරන්න පුළුවන් වුනේ නැහැ. ඉතා සුළු වෙනස් වීම් නිසා දීර්ඝ කාලයක් තිස්සේ විශාල බලපෑමක් ඇති වෙනවා කියන කියන ලයිල්ගේ නියාය ගැන ඩාවින් දිගටම කල්පනාකළා. එහෙත් පොදු දර්මතාවයක් හැටියට සොයාගන්න පුළුවන් විග්‍රහයක් ඔහුට ලේබුනේ නැහැ. ඔහු හොඳින් දැනගෙන සිටියා විවිධ සත්ව ජාතීන් තමන්ට ඕන කරන ලක්ෂණය වර්ධනය කර ගත්ත, යන ප්‍රංශ ජීව විද්‍යාක්ඥ ලැමාක් ගේ මතය ගැන. උදාහරණ හැටියට ජිරාෆ්ට දිග බෙල්ලක් හැදුනේ පරම්පරා ගණනාවක් තිස්සේ ගස් උද තියෙන කොළ කන්න බෙල්ල දික් කරන්න උන්ට සිද්ධ වුනු නිසයි. සෑම තනි සතෙක්ම තමන්ගේ වෑයම නිසා ලබාගන්නා ලක්ෂණ ඊළඟ පරම්පරාවට උරුම කරනවා. එහෙත් 'ලබාගත් ලක්ෂණ' පරම්පරාගතව යනවා කියන මේ නියාය ඩාවින් ප්‍රතිෂේප කළා. ඊට හේතුව ඒ සාහසික ප්‍රකාශය ඔප්පු කරන්න ලැමාක් සාදක ඉදිරිපත් නොකිරීමයි. එහෙත් ඩාවින් ඊට වඩා බොහෝ පැහැදිලි වෙනම චින්තන ක්‍රමයක් ඔස්සේ යන්න පටන් ගත්තා. ඇත්තටම සත්ව ජාතීන්ගේ පරිනාමය පිලිබඳ නියම ක්‍රියාවලිය එයාගේ ඇස් ඉදිරිපිට තිබුනා කියලා කියන්න පුළුවනි.
ජීවීන්ගේ පරිනාමය, චාර්ල්ස් ඩාවින් -7
ඇත්තටම සත්ව ජාතීන්ගේ පරිනාමය පිලිබඳ නියම ක්‍රියාවලිය එයාගේ ඇස් ඉදිරිපිට තිබුනා කියලා කියන්න පුළුවනි. අපි ඒ ක්‍රියාවලිය ගැන මෙම උදාහරණ හරහා දකිමු. අපිට එ
දෙන්නු තුන්දෙනෙක් ඉන්නවා. එත් කෑම තියන්නේ දෙන්නෙකුට ජීවත් වෙන්න ඕන ප්‍රමාණය විතරයි. එතකොට අපි කරන්නේ එකෙක් මරන්න දෙනවා. අඩුවෙන්ම කිරි දෙන එකාව තමයි අපි මරන්න දෙන්නේ. ඕක තමයි අවුරුදු දහස් ගානක් තිස්සෙම මනුෂ්‍ය වර්ගයා කලේ. දැන් අපිට ඕන එක එලදෙනකුගෙන් පැටියෙක් ගන්න. එතකොට අපි කරන්නේ හොදටම කිරිදෙන එළදෙනව ඒ වැඩේට තෝරාගන්නවා. මම දඩයක්කාරයෙක් නම් මම ගාව දඩ බල්ලෝ දෙන්නෙක් ඉන්නකොට එකෙක් කාටහරි දෙන්න සිද්ධ වුනොත් මම තියාගන්නේ සතුන්ව හොයාගන්න දක්ෂවම බල්ලා. අවුරුදු දහදාහකටත් වැඩි කාලයක් තිස්සේ මිනිස්සු ගෘහවාසී සත්තුන්ව හැදුවේ ඔන්න ඔය විධියට තමයි. කිකිලියෝ හැමතිස්සෙම දවස් පහම බිත්තර දැම්මේ නැහැ. බැටළුවෝ හැම තිස්සෙම එකම ප්‍රමාණයට ලොම් ලබා දුන්නේ නැහැ. අස්වයෝ හැම තිස්සෙම අද වගේ ශක්තිමත් හා කඩිසර වුනේ නැහැ. සත්තුන්ව බෝ කරන්නෝ කෘතීම වාරණයක් කළා. ශාක රාජධානියටත් ඕකම සිද්ධවෙනවා. හොඳ අර්තාපල් බීජ තියෙනවා නම් අපි නරක අර්තාපල් පැල කරන්නේ නැහැ. ධාන්‍ය ඇට හැදිලා නැති ගොයම් කපල අපි කාලය නාස්ති කරන්නේ නැහැ. එලදෙන්නු, ධාන්‍ය කරල්, බල්ලෝ හා ෆින්ච් කුරුල්ලෝ සම්පුර්ණයෙන්ම එක වගේ නැහැ කියලා ඩාවින් පෙන්වා දුන්න. ස්වභාව ධර්මයා ඉතා පුළුල් අන්දමේ විවිධත්වයක් ඇති කරනවා. එකම වර්ගය තුල පවා තනි සත්තු දෙන්නෙක් එක වගේ නැහැ. කොටින්ම කියනවානම් නිවුන්නු දෙන්නෙකුත් එකවගේම නැහැ. මුලින්ම අපු එක්කෙනාගේ හිස්කබල පස්සේ ආපු එක්කෙනාගේ හිස්කබලට වඩා පුංචියි. ඉතින් ඩාවින් මෙහෙම හිතුවා. ඒවගේ යාන්ත්‍රණයක් ස්වභාව ධර්මයෙන් සිද්ධවෙන්න බැරිද කියලා. පැවතිය යුත්තේ කොයි කෙනාද කියලා ස්වභාවික වාරණයක් ස්වභාව ධර්මය විසින් කරනවා වෙන්න බැරිද, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන එවැනි තේරීමක් නිසා අලුත්ම ශාක හා ජීවීන් හැදෙන්න බැරිද, ඒවගේ ස්වාභාවික වාරණයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා තවම ඩාවින්ට හිතාගන්න බැහැ. එහෙත් 1838 දී බීගල් නැවෙන් අපහු ඇවිත් හරියටම අවුරුදු දෙකකට පස්සේ ජනගහන අද්‍යනය පිලිබඳ විශේක්ඥයෙක් තෝමස් මොල්තස් ලිව්ව පුංචි පොතක් ඩාවින්ට හදිස්සියේ ඇත ගැසුනා. මේ පොතේ නම ජනගහන මුලධර්ම පිලිබඳ රචනයක් යනුයි. මොල්තස් මේ රචනය ගැන අදහස් ගත්තේ විදුලි සන්නායකය හා වෙනත් විවිධ දේ නිපද වූ ඇමෙරිකානු ජාතික බෙන්ජබින් ෆ්‍රැන්ක්ලින් ගෙන්. ඔහු කියලා තිබුනා ස්වභාව ධර්මයේ සීමා කරන සාධක නොතිබුනා නම් මුළු මහත් පෘථිවිය පුරාම එක තනි ශාක හෝ සත්ව වර්ගයක් පැතිරිලා යයි කියලා. එහෙත් හුඟක් වර්ග තියෙන නිසා එකිනෙක සමග තුලනය වෙලා තියෙනවා.